ජුනි මස සූර්ය නිවෘත්තිය | JUNE SOLSTICE


                     මොකක්ද මේ සූර්‍යයග්‍රගණයක් කියන්නෙ (solstice )☀️අපි දන්නවා පෘථිවිය තමා වටා පරිභ්‍රමණය වෙමින් සූර්‍යයා වටා  භ්‍රමණය වන බව.🌏☀️ සූර්‍යයා වටා පෘථිවිය භ්‍රමණය වන විට එක්තරා අවස්තාවකදී  සූර්‍යයාගේ දෘශ්‍යමාන ගමන් මාර්ගය පෘථිවි සමකයට උතුරට හෝ දකුණට ආසන්නව පිහිටි අවස්තාවක් තමයි මෙලෙස හදුන්වන්නේ.

අවුරුද්දකට මේවගේ අවස්තා දෙකක් ඇති වෙන බව තමයි තරු ලොව සොයා ගැනීම 💫

ඒ තමයි  🔸ජුනි මාසයේ සූර්‍යයග්‍රගණය (June solstice) සහ 🔸දෙසැම්බරයේ(December solstice) සූර්‍යයග්‍රගණය.

 දෙසැම්බරයේදී උතුරු අර්ධ ගෝලයේ ශීත සෘතුවත් ☃️සමග එම සූර්‍යයග්‍රගණය ඇතවන අතර ජූනි සූර්‍යයග්‍රගණයේදී උතුරු අර්ධ ගෝලයේ ගිම්හාන යත් උදාවේ🌤️

        2021 වසරේත් වෙනත් අවුරුදුවල මෙන්ම තරු දින සටහන් වලට අනුව  ජූනි මාසෙ 21වන දින මෙම සූර්‍යයග්‍රගණය ඇති වේ🧾ජූනි සූර්‍යයග්‍රගණයේදී ඇති කැපීපෙනෙන වෙනස් වීම තමයි, උතුරු අර්ධ ගෝලයට ගිම්හානය උදාවීම 🌤️ අනෙක් අතට  දකුණු අර්ධ ගෝලයට හිම මිදෙන සිසිරයේ උදාවීම☃️ ගිම්හානයේ දී කෙටි දහවලක්☀️ සහ දිගු රැයක් 🌛පවතීමත් ශීත සෘතුවේදී දිගු දහවලක් සහ කෙටි රාත්‍රියක් පැවැත්වීම තමයි ස්වාභාවය.ජූනි මස සිදුවන මෙම විශේෂිත අවස්තාව සැලකුවහොත් එය වැදගත් වීමට තවත් හේතු රැසක් බලපානවා.

🔸තවත් කරුණක් තමයි වර්ශයේ ඇති වන පලමු සූර්‍යයග්‍රගණය මෙය වීම මක්නිසාද යත් අනෙක්                             සූර්‍යයග්‍රගණය ඇති වන්නේ වර්ශයේ අවසානයේ එනම් දෙසැම්බරයේ.ජූනි මාස මෙම අවස්තාව වන විට             සූර්‍යයා නිවර්තන කලාපයේ එක එල්ලේ සිටී.

🔸තවත් වැදගත්කමක් තාමයි සූර්‍යයා පෘථිවියේ සිට පෙනෙන පරිදි උතුරු දෙසට ලගා වීම.☀️🧭

🔸මෙය උතුරු අර්ධ ගෝලයට ගිම්හාන කුමරිය කැන්දන නිසාවෙන්ම අතීතයේ පටන් විශේශයෙන් ම                    යුරෝපීයයන් මෙය සමරන දිනයක්🌅 වීමත් විශේශයක්.

🔸සූර්‍ය්යාගේ සිට පෘථිවියට ඇති දුර සෘතු වලට ඇති  කරන්නේ වඩා අඩු බලපෑමක්.විශේශයෙන්                           බලපාන්නේ පෘථිවිය අංශක 23.45 ක පමණ පවතින ආනතියයි🌏 පෘථිවිය සූර්‍යයා වටා කක්ශ ගත වන               විට පෘථිවියේ ඇල වීමේ දිශාව වෙනස් නොවේ .අර්ධගෝල දෙක සෑම විටම අභ්‍යාවකාශයේ එකම                   දිශාවට යොමුවේ.මෙලෙස පෘථිවිය සූර්‍යයා වටා භ්‍රමණය වන විට වෙනස් වන්නේ සූර්‍යයාට සාපේක්ෂව               අර්ධ ගෝලයේ පිහිටීමයි.ජූනි සූර්‍යයග්‍රගණයේදී     උතුරු අර්ධ ගෝලය සූර්‍යයා දෙසට මුහුනලා ඇති නිසා               ගිම්හානයත්☀️ දකුණු අර්ධ ගෝලය සූර්‍යයාට ඈතින් ඇති නිසා සිසිරයත් අත්විඳියි☃️

🔸මෙම ජූනි සූර්‍යයග්‍රගණයේදී කලින් හිරු උදාවක්🌤️ අත් නොවිදීම ද එහි විශේෂයකි.

🔸මෙම දිනය වසරේ උණුසුම්ම දිනය ද නොවීමත් විශේෂිත්වයක් 🔆ඇත්ත වශයෙන්ම උතුරු අර්ධ ගෝලයේ     උණුසුම්ම දිනය සාමාන්‍යයෙන් පැමිණෙන්නේ සූර්‍යයග්‍රගණයෙන් සති කිහිපයක් සමහරවිට මසකට පමණ            පසුවයි.මෙයට හේතුව සාගරය සහ ගොඩබිම උණුසුම් වීමට යම් කාලයක් ගත වීමයි.ඉන් පසු ඉහළ වායු            උෂ්ණත්වයක් ඇති වීමට ඉඩ සැලසේ.මෙම සංසිද්ධිය සෘතු ප්‍රමාදය (delay or lag of the season )ලෙස                හදුන්වයි.

🔸මෙම කාලයේ සිදුවන තවත් සුවිශේෂී විපර්යාසයක් වන්නේ ආක්ටික් ගෝලයට පැය 24ක දිවා කාලයක්             පැවැත්වීමයි ☀️☀️☀️ආක්ටික් කවචය තුල ඇති සියලුම ස්තාන වායුගෝලීය වර්තනය නිසා පැය 24ක්             නොනැවතී දිවා ආලෝකය අත්විඳින වසරේ එකම දිනය ජූනි සූර්‍යයග්‍රගණයයි😇 කෙසේ වෙතත් මැදියම් හිරු     ☀️(mid night sun) දින කිහිපයකට පෙර හා ජූනි සූර්‍යයග්‍රගණය දිනයේදී ආක්ටික් කවචයට සැතපුම් හැටක්         පමණ දකුණු දිගින් වූ ආක්ටික් කවචයට උතුරු දෙසට ගමන් කරන විට දෘශ්‍යමාන වේ.

        කෙසේ වෙතත් ජූනි සූර්‍යයග්‍රගණය අවට සැමරුම් කාලය ගෞරවණීය ඉතිහාසයකට උරුමකම් කියයි .පුරාණයේ දින දර්ශනය සංවිධානය කිරීමට හා බෝග වගාව , අස්වනු නෙලීමට කාලය කවදාද යන්න පිලිබද සොයාබැලීමට සුලබ ලෙස භාවිතා විය.සාම්ප්‍රදායිකව වසරේ මෙම  කාලය මංගල උත්සව සදහා ජනප්‍රිය විය👸🤴

            මානවයාට මෙන්ම සතා සිව්පාවුන්ට කුරුල්ලන්ට 🌴🦅🌱 රිසිසේ ජීවිත් වෙන්නත් කවියන්ගේ කවි සිතුවිලි පෝශණය කිරීමටත් හැකි තරමේ මනහර සුන්දරත්වයක් ගම්‍ය කිරීමට වසරේ පලමුව ඇති වන මෙම ජූනි සූර්‍යයග්‍රගණයට හැකි බවනම් නොඅනුමානයි🌻


Written by: Hashini Hatharasinghe

Graphic by : Niru Ruwanya


 J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2021

#planetof_Observation💫

Comments

Popular Posts