Full Moon | සුපිරි සඳ


 

    බටහිර ජන වහරේ පැවත එන ලෙසට මේ මස පුර සඳ Strawberry Super Moon ලෙස හැඳින්වේ. මීට අමතරව Mead moon, Hot Moon හා Thunder Moon ආදී නම් වලින් ද හැඳින්වේ. බෞද්ධ සංස්කෘතියේ එන ලෙසට මෙය පොසොන් පුර සඳයි.

ආසන්න වශයෙන් දින 29.5 කට වරක් සූර්යය, පෘථිවිය හා චන්ද්‍රයා රේඛීයව පිහිටන අවස්තාවේදී චන්ද්‍රයාගේ පෘථිවියට මුහුණලා සිටින මුළු ප්‍රදේශයම සූර්යාලෝකයෙන් ආලෝකමත්වී පුර සඳක් ලෙස පෘථිවියට දිස්වේ.

මෙවර පුර සඳ  සුපිරි සඳක් ලෙස හඳුන්වයි. සුපිරි සඳක් යනු චන්ද්‍රයා පෘථිවිය වටා ගමන් කරන ඉලිප්සීය මාර්ගය පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කරන විට චන්ද්‍රයා සාමාන්‍යයෙන් ඇති ප්‍රමාණයට වඩා විශාලත්වකින් හා දීප්තියකින් දිස්වන අවස්ථාවයි. 2021 වසරේ අවසන් සුපිරි සඳ මෙය වන අතර ජූනි මස 25 වන දින අළුයම 00.09 එහි උපරිම අවස්ථාව ලෙස ශ්‍රී ලංකාවට දිස් වේ. 

වර්ෂ 1930 දී පමණ Maine Farmer' Almanac මඟින් පූර්ණ චන්ද්‍රයන් සඳහා ස්වදේශික ඇමෙරිකානු නම් දීම ආරම්භ කර ඇත. එක්සත් ජනපදයේ ඊසාන දිග ප්‍රදේශයේ ඇල්ගොන්කින් ගෝත්‍රිකයන් ජූනි මස පුර් සඳ Strawberry Super Moon ලෙස හඳුන්වා ඇත. ඊට හේතු සාධක වී ඇත්තේ මෙම සමයේ එක්සත් ජනපදයේ ඊසාන දිග කොටසේ strawberry  අස්වැන්න නෙළීමේ කටයුතු මෙම කාලයේදී සිදුවන නිසාය. මීට අමතරව මෙම සඳ හැදින්වීමට යොදා ගන්නා අනික් නම් හා බැඳුණු රස කතා රැසකි. ඔබත් 2021 වසරේ අවසන් සුපිරි සඳ අමතක නොකර නරඹන්න.


Written by : Malmi Bandara

Graphic by : Aditya Vimukthi

 

 J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2021

#planetof_Observation💫

Comments

Popular Posts