2021 වර්ෂයේ පළමු සූර්යයග්‍ර්හණය (June Ring Of Fire)

 


2021 වර්ෂයේ ජූනි මස 10 වන බ්‍රහස්පතින්දා දිස්වන වලයාකාර සූර්යග්‍රහණය මෙම වර්ෂයේ පලමු වලයාකාර  සූර්යග්‍රහණයයි. 

පෘථිවිය හා සූර්යයා අතර සෘජු රේඛාවක් ඔස්සේ චන්ද්‍රයා පැමිණී විට සූර්යග්‍රහණයක් සිදුවේ. එහිදී චන්ද්‍රයා ගෙ සෙවනැල්ල පෘථිවි පෘෂ්ඨය හරහා ගමන් කරනවිට පෘථිවි වාසී නිරීක්ෂකයෙකුට සූර්යයාගේ ආලෝකය අවහිර වෙනාක්මෙන් පෙනෙයි.නමුත් මෙහිදී සූර්‍යයා සම්පූර්ණයෙනම අවහිර නොවන නිසා මෙය පූර්ණ සූර්යග්‍රහණයක් ලෙස නිරීක්ෂණය නොවේ.

පෘථිවිය වටා චන්ද්‍රයා ගමන්කරනුයේ වෘත්තාකාර කක්ෂයක නොව ඉලිප්සියාකාර කක්ෂයක නිසාත් මෙහිදී  කක්ෂයේ චන්ද්‍රයා වඩාත්ම ඈතින් පිහිටිනිසාත් වලයාකාර සූර්යග්‍රහණයක් ලෙස නිරීක්ෂණය වේ.මෙම අවස්ථාවේදී චන්ද්‍රයා සාපෙක්ෂව කුඩාවට පෙනෙන අතර සූර්යයා පූර්ණ ලෙස ග්‍රහනය නොවී චන්ද්‍රයා වටා පිහිටන ගිනි වලල්ලක් /මුදුවක් ring of fire අයුරින් දිස්වේ.සූර්යග්‍රහණයේ උච්චතම අවස්ථාව වන්නෙ මෙයයි.

මෙම සූර්යග්‍රහණය වලයාකාර ග්‍රහණ අවදධියෙව්දී කැනඩාව, රුසියාව සහ ග්‍රීන්ලන්තය වැනි රටවලට ඉතා පැහැදිලිව  නිරීක්ෂණය කල හැකි වන අතරම ඇමරිකාව ,එංගලන්තය, අයිස්ලන්තය,ස්වීඩනය,ෆීන්ලන්තය,මොංගෝලියාව වැනි රටවලට මෙය පාර්ශ්වික සූර්යග්‍රහණයක් ලෙස නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබේ. 

මෙමෙ සූර්යග්‍රහණය ශ්‍රීලංකාවට හෝරා කීපයක්  දිස් වුවද ඉතා පැහැදිලි ලෙස නිරීක්ෂණය නොවේ. කොළඹ නගරයට  සූර්යග්‍රහණයේ වලයාකාර ග්‍ර්හණ අවධිය පස්වරු 3.19 සිට පස්වරු 4.11 දක්වා නිරීක්ෂණය කළ හැකි අතර උපරිම ග්‍ර්හණ අවධිය පස්වරු 5.03 ට සිදුවේ. 

 සූර්යග්‍රහ පූර්ණ ,වලයාකාර හෝ පාර්ශ්වික වුවද පියවි ඇසින් නිරීක්ෂණය කිරීම සුදුසු නොවේ.ඒ සදහා විශේෂිත උපැස්යුවලක් හෝ සූර්යය පෙරහන් සහිත දුරේක්ෂ භාවිතාකර ආරක්ෂිතව නිරීක්ෂණය කළයුතුය.

සූර්යග්‍රහණය සිදුවීමත් සමගම මෙම වර්ෂයේ ජූනි මාසයේ  තාරකා විද්‍යා දිනදර්ශනට අනුව බොහෝ සිදුවීම් සිදුවීමට නියමිතය.   2021 වර්ෂයේ දෙවන සහ අවසන් සූර්යග්‍රහණය  දෙසැම්බර් 4 වනදා පූර්ණ සූර්යග්‍රහණයක් ලෙස දිස්වීමට නියමිතය.


Written by: Hansani Chandima

Graphic by: Dumidu Sasanka


 J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2021

#planetof_Observation💫

Comments

Popular Posts