පූර්ණ චන්ද්‍රයා / පසළොස්වක සද 🌕

 



පූර්ණ චන්ද්‍රයා කියන්නෙ චන්ද්‍රයා, පෘථිවියේ දෘෂ්ටිකෝණයෙන් මුලුමනින්ම ආලෝකමත් වෙන චන්ද්‍ර අවදියයි.මෙය සිද්ද වෙන්නෙ පෘථිවිය සූර්‍යයා හා චන්ද්‍රයා අතර පිහිටා ඇති  විටයි🌞🌍🌛

 ඇත්ත වශයෙන්ම , සූර්‍යයාගේ හා චන්ද්‍රයාගේ සූර්‍යයග්‍රහණ දේශාංශ අංශක 180 කින් වෙනස් වෙන විටයි.මෙයින් අදහස් කරන්නෙ පෘථිවියට මුහුණලා ඇති චන්ද්‍ර අර්ධ ගෝලය සම්පූර්ණයෙන් හිරු රශ්මියෙන් නැහැවෙලා රවුම් තැටියක් ලෙස දිස්වෙන එකයි. 🌞🌛අපි දන්නවා අවුරුද්දෙ හැම මාසෙකටම වගේ සැරයක් පසළොස්වක පෝය එහෙමත් නැත්නම් පූර්ණ චන්ද්‍රයාගේ දිස්වීම සිද්ද වෙනවා,ඉතින් මාර්තු මාසෙනම් පූර්ණ චන්ද්‍රයා අහස් තලේ දිලෙන්නෙ 28වෙනි ඉරු දින. ☁️🌕🌕☁️ 

ඒ වගේමයි ඒ හැම චන්ද්‍රයෙක්ටම විශේෂිත වුණ නමක් තියෙනවා. 🤩  

  ඉතින් මේ මාර්තු මස 28 වෙනිදා අපි දකින චන්ද්‍රයාටත් විශේෂිත වුණ නමක් තියෙනවා .worm moon (පණුවා සද )🪱🌕 කියල තමයි අදහස් වෙන්නෙ.මේ නම දාන්න හේතුව හරියටම කියන්න මූලාශ්‍ර නැති වුනත් විවිධ අදහස් නම් මේ සම්බන්ධයෙන් තියෙනවා.📒🔍මේ නම යොදන්න මූලික වෙන්න ඇත්තේ ගෝත්‍රික ගොවිජනයා👨‍🌾👩‍🌾 කියල අදහස් තියෙනවා , ඒ වගේම තමයි මේ චන්ද්‍රයාගේ විශේෂත්වයක් තියෙනවා ,එනම් මේ තමයි වසන්ත සමය 🍂🍁🌾ආරම්භ වුනයින් පස්සෙ ඇතිවන පලමු පසළොස්වක සද 🌝🌛ඉතින් මේ *worm moon* කියන එකෙන් වසන්තයේ බොහොමයක් සලකුණු සංකේතවත් කරන බව නම් නොඅනුමානයි 😇🤫

මොකද කියනවනම්,වසන්ත සෘතුවේදී පස උණුසුම් වන විට පසෙන් පණුවන් 🪱🐛 මතුවෙන්න පටන් ගන්නවා.මෙය රොබින්වරුන්ට 🐧මෙන්ම අනිකුත් පක්ශීන්ට ආහාර ගැනීමට කරන ආරාධනාවක් වගෙයි🪱🦅

       මේක තමයි වසන්තයේ සැබෑ සලකුණ.🍂🥀🍃


🖊️Written by Hasini Erangika

🖼️Designed by Dumindu Sasanka


#STAY AT HOME#BE OBSERVENT #SPEND EFFECTIVELY

J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2021

#planetof_Observation💫

Comments

Popular Posts