NEW MOON


නව සඳ 🌑යනු; 

චන්ද්‍රයා 🌕, පෘථිවිය 🌏 හා සූර්යයා 🌞 යන තිදෙනා ඒක රේඛිය වන පරිදි චන්ද්‍රයා පෘථිවිය ත් සූර්යයා ත් අතර මධ්‍යස්ථ පිහිටීමට පැමිණීමයි 🌞🌗🌎. මෙය පෙබරවාරි 12 වන දින රාත්‍රී 12.35ට පමණ සිදුවේ.

මෙහිදී චන්ද්‍රයාගේ සූර්යයා ට මුහුණලා ඇති අර්ධය පමණක් සූර්යයා මගින් ආලෝකමත් වන අතර පෘථිවිය දෙසට මුහුණලා ඇති අර්ධය හිරු කිරණින් ආලෝකමත් නොවේ. එනිසා පෘථිවියේ සිටින අපට එ දින රාත්‍රියේ චන්ද්‍රයා දිස් නොවේ.🌑

මෙදින සඳ එළියෙන් කිසිදු බාධාවක් නොවන නිසා රාත්‍රී අහසේ ඇති මන්දාකිණි 🪐, තරු පොකුරු ✨, තරු රටා🌟 ආදිය දර්ශනයට සුදුසුම කාලය මෙම අමාවක රාත්‍රියයි. 🌚🔭

දකුණු අර්ධගෝලයේ සිටින අයට එ දින රාත්‍රියේ දර්ශනිය මැගෙලෙනික් වලාකුළුත් 🌫️, ක්ෂිතිජය 🌅සමීපයේ ඇති මන්දාකිණි ත් 🪐දැක ගත හැක.

උතුරු අර්ධගෝලයේ සිටින අයට දකුණු අර්ධගෝලයේ සිටින අයට තරම් නොවූවත් යන්තම් ලෙස ක්ෂිතිජය🌅 සමීපයේ ඇති මන්දාකිණි🪐 දැක ගත හැකි අතර ඊට අමතරව ඔරයාන්🏹✨ තාරකා මණ්ඩලය හා Winter Triangle 🔺දැක ගත හැකිය.

එමෙන්ම අමාවක රාත්‍රියේදී අලංකාර තරු මං පෙත් 🌌🌠දර්ශනීය ලෙස දැක බලා ගත හැක.😍🤩🔭


Written by: Pulmini Milanika

Graphic by: Niru Ruwanya

#STAY AT HOME#BE OBSERVENT #SPEND EFFECTIVELY

 

 J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2021

#planetof_Observation💫

Comments

Popular Posts