ජනවාරි මස පුර පසළොස්වක පොහොය.


 

ජනවාරි මස පුර පසළොස්වක පොහොය.

Full Moon, පුර සඳ නොඑසේ නම් පුරපසළොස්වක යනු සූර්යයාපෘථිවිය හා චන්ද්රයා හරියටම රේඛීයව පිහිටුවමින් පෘථිවිය ; සූර්යයා හා චන්ද්රයා අතරමැද පිහිටන අවස්ථාවේදී චන්ද්රයාගේ කලාවයිමෙම අවස්ථාවේදී සූර්යයාගේ කිරණ ඍජුවම චන්ද්රයාගේ පෘථිවිට මුහුණලා පවතින අර්ධයට වැටීම නිසා චන්ද්රයා පූර්ණ ආලෝකමත් වීමකින් යුතුව පූර්ණ වෘත්තයක ආකාරයට නිරීක්ෂණය කළ හැකිය.

එක් පුර සඳක් සහ ඊට පසු පුර සඳක් අතර කාල පරිච්ඡේදය Synodic month ලෙස හදුන්වනු ලබන අතර මේ සඳහා දින 29.53 කාලයක් ගත වේචන්ද්රග්රහණ සිදුවන්නේද චන්ද්රයාත්,පෘථිවියත් සහ සූර්යයාත් මෙවැනිම පිහිටුමකදී බව අප දන්නා කරුණකි.නමුත් සියලු පුරපසළොස්වක දිනයන්හීදී මෙම සංසිද්ධිය අපට දැක ගත හැකි නොවේඊට හේතුව වන්නේ , පෘථිවිය වටා ඇති චන්ද්රයාගේ කක්ෂය , සූර්යයා වටා පෘථිවි කක්ෂයට වඩා වෙනස් තලයක පිහිටා ඇති වීමයිඑම නිසා   චන්ද්රග්රහණ සඳහා පරිපූර්ණ පෙළගැස්වීමක් සෑම පුරපසළොස්වක දිනකම සිදු නොවේ.

ජනවාරි මස 28 වන දින ශ්රී ලංකාවේ කොළඹ නගරයට මෙම පුර සඳ නිරීක්ෂණය වන අතර මෙදින සවස 18:02 චන්ද් උදාව නිරීක්ෂණය වන අතර චන්ද්රයා බැස යාම උදෑසන 05:58 සිදු වේමෙහි විශේෂත්වය නම් මෙදින ලංකාව ආශ්රිතව පවතින චන්ද්රයා ග්රිනිච් දේශාංශ රේඛාව ( නිරීක්ෂණ අහසේ ඉහළම ස්ථානය ) පසුනොකරයි. එනම් සඳ මුදුන් වීම සිදු නොවේ. එවැනි අවස්ථාවකදී උපරිම දීප්තිමත්භාවය අනෙක් අවස්ථාවලදී මෙන් ගණනය නොකරයි.

මෙම චන්ද්රයා පුරාණ ස්වදේශික ඇමරිකානු ගෝත්රිකයන් විසින් Wolf Moon ලෙස හදුන්වා ලැබ ඇති අතර ඊට හේතුව නම් මෙම පුරපසළොස්වක දිනයේදී , කුසගිනි වුනු වෘකයින් තම ලෙන් තුලින් පිටතට පැමිණ උඩුබුරලයිඑලෙසම මෙම සඳ Old Moon සහ Moon After Yule ලෙසද හදුන්වයි.

 

Written by Pasan Rathnayake
Graphics by Niru Ruwanya

#STAY AT HOME#BE OBSERVENT #SPEND EFFECTIVELY

J'pura Astronomy Club
💫More beyond💫
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
#usjAstro_2021
#planetof_Observation💫

Comments

Popular Posts