බුධ ග්‍රහයාගේ ශ්‍රේෂ්ඨතම නැගෙනහිර උච්ච වීම. (විස්තාරණය වීම)


 

බුධ ග්‍රහයාගේ ශ්‍රේෂ්ඨතම නැගෙනහිර උච්ච වීම. (විස්තාරණය වීම) 


තාරකා විද්‍යාවට අනුව යම් කිසි ග්‍රහලෝකයක විස්තාරණය එහෙමත් නැත්තන් උච්ච වීම කියන්නේ එම ග්‍රහලෝකය හා සූර්යයා අතර ඇතිවන දෘශ්‍ය විස්තාපනය උපරිම වීමයි. මෙතනදී සත්‍ය වශයෙන්ම සිදුවන්නේ කෝණික වෙනස් වීමකි. එනම් උච්චතම අවස්ථාවේදී සූර්යයා හා ග්‍රහයා අතර උපරිම කෝණයක් තියනවා.
බුධ ග්‍රහයා පෘථිවියේ සිට නිරීක්ෂණය කිරීම අපහසුයි. මෙයට හේතු විදිහට ඉතා කුඩා වීම, පෘථිවියට වඩා සූර්යයාට ආසන්නයෙන් පිහිටලා තිබීම හා සූර්යයාගේ අධික දීප්තියත් සලකන්න පුලුවන්. නමුත් මේ විදිහට නැගෙනහිර හෝ බටහිර උච්ච වීමට ලඟා උනාම බුධ ග්‍රහයා නිරීක්ෂණය කිරීම පියවි ඇසින් උනත් සිදු කිරීම පහසුයි.
බුධ ග්‍රහයා මේ විදිහට නැගෙනහිර උච්ච වීම සිදු උනොත් සන්ධ්‍යා අහසේ නිරීක්ෂණය කරන්න පුලුවන් වගේම බටහිර උච්ච වීම සිදු උනොත් අලුයම අහසේ නිරීක්ෂණය කරන්න පුලුවන්.
ඉතින් මේ වසරේ බුධ ග්‍රහයා හොඳින් නිරීක්ෂණයට හැකි වෙන පළමු අවස්ථාව ජනවාරි 24 දින උදා වෙනවා. එදින සූර්යයා බැස යන විට සූර්යයට අංශක 18.6 ක් නැගෙනහිරින් නිරීක්ෂණය කළ හැකි වෙනවා.
ඉතින් ජනවාරි 24 දින සවස් කාලයේ බුධ ග්‍රහයා නිරීක්ෂණය අමතක කරන්න එපා..!!

Written by Malmi Bandara
Graphics by  Aditya Vimukthi

#STAY AT HOME#BE OBSERVENT #SPEND EFFECTIVELY

J'pura Astronomy Club
💫More beyond💫
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
#usjAstro_2021
#planetof_Observation💫

Comments

Popular Posts