විද්‍යාඥයන් විශ්වයේ වර්ණ ඡායාරූප නිර්මාණය කරන්නේ කෙසේද?

 



විද්යුත් චුම්බක වර්ණවලියේ අපට දිස්වන්නේ ඉතා කුඩා පරාසයක තරංග පමණි. මෙම ආලෝක පරාසයේ  අන්ත දෙකේ රතු ආලෝකය හා  (violet)  ආලෝකය පවතී. Violet  කිරණ වලට අපට පෙනෙන පරාසයේ ඉහලම සංඛ්‍යාතයද රතු ආලෝකයට  අපට පෙනෙන පරාසයේ පහළම සංඛ්යාතය ද ( වැඩිම තරංග ආයාමය ද පවතියි. මෙම පරාසය දෘශ්‍ය වර්ණාවලිය ලෙස හඳුන්වයි. අපට දෘශ්‍ය වර්ණාවලිය දිස් වීමට හේතුව නම්  ඇසේ ඇති ආලෝක සංවේදී කේතු සෛල වස්තුන්ගෙන් පරාවර්තනය වන මෙම පරාසයේ ආලෝකය හඳුනා ගැනීමයි. දිගු , මධ්‍යම හා කෙටි තරංග ආයාමයන්ගේ දෘශ්‍ය ආලෝක තරංග වලට සංවේදී කේතු සෛල තුන් ආකාරයක් පවතී. මේවා දළ වශයෙන්  රතු , කොළ හා නිල් ආලෝකයට සංවේදී වේ. මෙම වර්ණ 3 ආලෝකයේ ප්‍රාථමික වර්ණ වේ. එනම් අනිත් වර්ණයන් සෑදී ඇත්තේ මෙම වර්ණ තුන සංකලනයෙනි. මෙම මූලධර්මය කළු සුදු ඡායාරූප වර්ණ ගැන්වීමට භාවිතා වේ. 

1990 සිට ක්‍රියාත්මක වන හබල් දුරේක්ෂයේ ඡායාරූප මුලදී කලු සුදු ඒවා වේ. එයට හේතුව නම් හබල් දුරේක්ෂය මූලික කාර්යය විශ්වයේ වස්තූන්ගෙන් පරාවර්තනය වන ආලෝකයේ දීප්තිය අධ්‍යනය කිරීම නිසා කලු සුදු ඡායාරූප  වල මෙම දීප්තිය මනාව පෙන්නුම් කිරීමය.

මෙම කලු සුදු ඡායාරූප වර්ණ ගැන්වීමට විද්‍යාඥයන් විශේෂිත මෘදුකාංග භාවිතකරයි. සෙනසුරු ගේ වර්ණ ඡායාරූපයක් broadband Filtering ක්‍රමයෙන් ලබා ගන්නා අයුරු පහත පරිදිය. Broadband Filtering ක්‍රමයේදී දිගු , මධ්‍යම හා කෙටි තරංග ආයාම  පරාසයේ ආලෝකය වෙන වෙනම පෙරා සෙනසුරු ගේ කළු සුදු ජායාරූප 3ක් ලබා ගනියි. ( මෙලෙස විවිධ තරංග ආයාම වල කිරණ පමණක් පෙරා ලබා ගැනීමට විශේෂිත filters පවතී. )   මෙහිදී එම ඡායාරූප වල සුදු පැහැති බව වැඩිනම් එහි අදහස සැලකූ තරංග ආයාම පරාසයේ ආලෝකය වැඩිපුර පරාවර්තනය වන බවයි. පසුව මෙම ඡායාරූප තුනට ඒවායේ තරංග ආයාම පරාසය අනුව දෘශ්‍ය ආලෝකයේ ප්‍රාථමික වර්ණ 3 යොදනු ලබයි. එනම් දිගු තරංග ආයාම පෙරණය යොදා ලබා ගත් ඡායාරූපයේ සුදු පැහැයට අනුලෝමව සමානුපාතිකව එයට වැඩිපුර රතු පැහැය යොදයි. මෙලෙස ම කොළ හා නිල් පැහැයන් ඉතිරි ඡායාරූප 2ට යොදනු ලැබේ.  දැන් මෙම ඡායාරූප තුන එකට එක් කල විට ලැබෙන්නේ අපගේ පියවි ඇසින් සෙනසුරු හබල් දුරේක්ෂය තරම් බලයකින් නිරීක්ෂණය කළ හැකි වූවානම් දැක ගැනීමට ලැබෙන සත්‍ය  වර්ණ ඡායාරූපයකි. 


2. Narrowband Colour

හබල් දුරේක්ෂයට විශ්වයේ ඇති  හයිඩ්‍රජන් , ඔක්සිජන්  වැනි මූල ද්‍රව්‍යයන්ගෙන් එන පටු පරාසයක ආලෝක තරංග ග්‍රහණය කර ගැනීමට ද එම වර්ණ ඡායාරූපයක පැවතීම අනුව එම මූලද්‍රව්‍යයන්ගේ පැවැත්ම සටහන් කළ  හැකිය. මෙය narrowband filtering ලෙස හඳුන්වයි. මෙය මගින් තාරකා වල මූලික තැනුම් මුලද්‍රව්‍ය වන හයිඩ්‍රජන් , ඔක්සිජන් හා සල්ෆර් මගින් නිකුත් කරන ආලෝකය වෙන් කර ගැනේ. 

උදාහරණයක් ලෙස හබල් දුරේක්ෂය විසින් ඡායාරූප ගත කල  Eagle නිහාරිකාවෙහි pillars of creation සලකා බලමු. මෙය විශාල දූවිලි හා වායුන්ගෙන් සැදී ඇත. මෙහි සල්ෆර් , හයිඩ්‍රජන්  හා ඔක්සිජන් මූලද්‍රව්‍ය ඇති අතර එම මුලද්‍රව්‍යන් එකිනෙක නිකුත් කරන  තරංග ආයාම කුඩා පරාස තුනට , රතු , කොළ හා නිල් තරංග ආයාම ආරෝපණය කර එසේ ලබා ගත් ඡායාරූප තුන එකිනෙක සමපාත කර මෙම ප්‍රසිද්ධ "Pillars of Creation" ඡායාරූපය ලබා ගෙන ඇත. මෙහි ඇති වාසිය නම් සත්‍ය ලෙස රතු පැහැතිම තරංග ආයාම නිකුත් කරන සල්ෆර් හා හයිඩ්‍රජන් වලට රතු හා කොල යන මූලික වර්ණ ලබා දී අවසානයේ ලබා ගන්නා ඡායාරූපයේ මෙම මූලද්‍රව්‍ය 3ට වෙන් වෙන් වර්ණ ලබා දීම මගින් දෘශ්‍ය විශ්ලේෂණය පහසු කිරීමයි. 


"ඡායාරූප" වර්ණ ගැන්වීමට නියෝජිත වර්ණ ( representative colours) යොදා ගැනීමෙන් පියවි ඇසට නොපෙනෙන විද්යුත් චුම්බක විකිරණ  නිකුත් කරන වස්තු වල වර්ණ ඡායාරූප ගත හැකිය. හබල් දුරේක්ෂයට අභ්‍යවකාශයේ වස්තු නිකුත් කරන පියවි ඇසට නොපෙනෙන පාරජම්බුල හා අධෝරක්ත විකිරණ ද ග්‍රහණය කල හැක. මෙම විකිරණ වර්ණ ඡායාරූප බවට පත් කිරීමේදී එම තරංග පෙරහන් (filters)  ආධාරයෙන් වෙන් කර ඒවායේ  තරංග ආයාමය අඩු වෙන අනුපිලිවෙලට ඒවාට දෘශ්‍ය පරාසයේ රතු , කොල හා නිල් වර්ණ යොදා ගෙන ලැබෙන ඡායාරූප තුන සංයුක්ත කර අපට පෙනෙන වර්ණ ඡායාරූපයක් ලබා ගැනේ. මේවා අභ්‍යවකාශයේ යම් වස්තුවක රසායනික සංයුතිය දෘශ්‍ය ලෙස බලා ගැනීමට උපකාර වේ. 

මෙලෙස ලබා ගන්නා වර්ණ ඡායාරූප විශ්වයේ නොපෙනෙන තැන් දෘශ්‍යමාන කිරීමට මහෝපකාරී වේ.


©දිනිති හේරත්

Graphics by Deshan Rathnayake


J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2020

#planetof_Education

Comments

Popular Posts