අපට සාක්ෂි සපයන Bennu යනු කවකවුරුන්ද?


 

අපට සාක්ෂි සපයන Bennu.. යනු කව්රුන්ද?

    Bennu  යනු  ඉතා හුරු පුරුදු නමක් නොවන බව නම් සහතිකය.නමුත් විශ්වය පිළිබඳ දැනුම් පිපාසයෙන් පෙලෙන ඔබට මේ නම අසා අැති බවට මතකයක් තිබෙන්නට පුලුවනි.
bennu නොඑසේනම් 101955 bennu,  යනු 1999 සැප්තැම්බර් 11 වන දින ලීනියර් ව්‍යාපෘතිය යටතේ සොයාගන්නා ලද ග්‍රහකයකි. මෙය Apollo  සමුහයේ කාබනීකෘත ග්‍රහක ගනයට අයත්ය.
          මෙම ග්‍රහකයේ උපත සිදුවූවා යැයි සඳහන් වන්නේ proto   නැමැති ග්‍රහලෝකයක් බිඳී යාමෙනි.
         දල වශයෙන් ගෝලාකාර හැඩයක් ගන්නා මෙහි භ්‍රමණ අක්ෂයට එහි කක්ෂය අංශක 178 නැඹුරු වී පවතියි.
          මෙම ග්‍රහකය ග්‍රහක පටියේ ග්‍රහක මෙන් නොව මෙහි කක්ශය පෘථිවියට ඉතාම අාසන්නය.සෑම වසර 6 කට වරක්ම ග්‍රහකය පෘථිවියට ඉතාම අාසන්නම ප්‍රවේශය ලබා ගනියි.
     මෙම ග්‍රහකයේ අැති සුවිශේෂිතාවයන් අතරින් මෙහි අැති අැතැම් ඛනිජ කොටස් සෞරග්‍රහ මණ්ඩලයටත් වඩා ඉපැරණිය.එසේම මෙම ග්‍රහකය අභ්‍යවකාශ රික්තකයක් තුල සංරක්ෂිත වු සෞරග්‍රහ මණ්ඩලයේ කාල කැප්සියුලයක් ලෙසට ද හඳුන්වයි.

    bennu පිළිබඳව වන තවත් අපූර්ව කාරණයක් නම් මෙය සූර්යාලෝකයේදී භ්‍රමණය වන විට එහි මතුපිට සිට තාප විකිරණ අසමාන ලෙස විමෝචනය වීම නිසා bennu ග්‍රහකයේ භ්‍රමණ කාලය සෑම වසර 100 කට වරක්ම 1 තත්පරයකින් අඩු වීමයි.

     මේ ග්‍රහකය පිළිබඳ මෙතරම් කතා බහ කිරීමට හේතුව වන්නේ NASA  අායතනය මඟින් මෙම ග්‍රහකය අරමුණු කර සිදු කෙරමින් පවතින පර්යේෂණයක පියවරක සාර්ථකත්වය ඔවුන් විසින් අත් කරගත් නිසාවෙනි.
       Bennu අරමුණු  කර ගත් පර්යේෂණ අැරඹෙන්නේ 2018 වසරේ දෙසැම්බර් 3 වන දින ,OSIRIS - REx  යානය වසර දෙකක පමණ ගමනකින් පසුව Bennu වෙත ගොඩබැස්වීමෙනි.මෙලෙස අැරඹුණු පර්යේෂණයේ ඉතා මෑතකදී ලද ජයග්‍රහණය නම් ඉතා සාර්ථක ලෙස නියැදි එකතු කිරීමට extendable arm නැමැති කොටස 2020   ඔක්තොබර් මස 20 වන දින  භාවිතයට ගැනීමයි.2023 වන විට සාම්පල පෘථිවියට ලබා ගැනීමට බලාපොරොත්තු වන මෙම මෙහෙයුම සාර්ථක වුවහෝත්  සෞරග්‍රහ මණ්ඩලයේ උපත පිළිබඳ නැවුම් වූ මානයකින් බැලීමට හැකි වෙතැයි විද්‍යාඥයින් බලාපොරොත්තු වෙයි.

©E. D.  සුපිපි සෙව්වන්දි.
Graphics by Deshan Rathnayake

J'pura Astronomy Club
💫More beyond💫
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
#usjAstro_2020
#planetof_Education

Comments

Popular Posts