ඔක්තෝම්බර් මාසයේ නව සද උදාව



 

    තාරකා විද්‍යාවේදී නව සදක් (සමහර විට එය අදුරු සද🌑 ලෙස හැදින්වේ ) පළමු චන්ද්‍ර අවදිය සංකේතවත් කරනා අතරම එය නව චන්ද්‍ර චක්‍රයක ආරම්භය ද සනිටුහන් කරයි. .. එය සූර්‍යා සමග පෙල ගැසී රාත්‍රී අහසේදී නොපෙනී යයි..

 

                පැරැන්නන් නව සද උදාව තම නව අරමුණු සාක්ෂාත් කරගැනීමෙහිලා නැවුම් ආරම්භයකට අවශ්‍ය මනෝ ශක්තිය නව සද උදාවත් සමගම ලැබෙන්නාවූ චන්ද්‍ර ශක්තියෙන් ලැබෙනා බව විශ්වාස කලහ.එමෙන්ම චන්ද්‍ර දිනදර්ශනයක් අනුගමනය කරන මිනිසුන් මාස වල වෙනස සනිටුහන් කර ගැනීමෙහිලා නව සද උදාව උපයෝගී කරගනී.🌑

     

   සෑම චන්ද්‍ර චක්‍රයක්ම සෑම විටම නව සදකින් ආරම්භ වන අතර එය පූර්ණ චන්ද්‍රයා සමග උච්චතම අවස්ථාව තෙක් සති දෙකක් පමණ ප්‍රමාණයෙන් විශාල වී එතැන් සිට චක්‍රයේ අවසානය දක්වා තවත් සති 2 ක් පමණ සද ප්‍රමාණයෙන් කුඩා වී යයි..

 

                🌕🌖🌗🌑🌓🌔🌕

 

      එම අවස්ථාවේදී චන්ද්‍රයා නැවතත් "නැවුම් " වන අතර නැවුම් චක්‍රයක් ආරම්භ වේ.චන්ද්‍ර චක්‍රයක් තුල (එය දින 28 ක් පමණ පවතී.) චන්ද්‍රයා රාශි චක්‍රයේ මුලු චක්‍රය හරහාම ගමන් කරනා අතර සූර්‍යාට🌞 හා පෘථිවියට 🌍 සාපේක්ෂව පිහිටීම මත පදනම්ව අහසේ හැඩය වෙනස් කරගනී…

 

       නව සද උදාව සූර්‍යාගමන් කරන විට එය උදාවෙමින් පවතින අතර දිවාකාලයේදී සූර්‍යා සමග අහස හරහා ගමන් කරයි.මසකට වරක් (දින 28) නව සදක් ඇත ,මන්ද පෘථිවිය🌍 වටා කක්ෂ ගතවීමට මාසයක් පමණ ගතවේ.බොහෝවිට නවසද ගමන් කරන්නේ නව සදෙහි සූර්‍යා ඉදිරිපිට නොව අපේ අහසේ සූර්‍යා අසල පමණි. එහෙයින් බොහෝ මාසවලදී සූර්‍යක්ග්‍රහණයක් සිදු නොවන්නේ එබැවිනි.

         

       සාමාන්‍යයෙන් චන්ද්‍රයන් උදාවීම සිදුවන්නේ මසකට එක් වරක් පමණක් වුවද සදෙහි අවධීන් අතර සුළු වෙනසක් පවතින බැවින් සාමාන්‍යයෙන් දින 29.5 ක චක්‍රයක් සහ ග්‍රෙගෝරියානු දින දර්ශනයට අනුව සමහර මාස වල නව චන්ද්‍රයන් දෙදෙනෙකු සිටිය හැක.එක් චන්ද්‍රයෙකු මාසය ආරම්භයේදී සහ අනෙක් චන්ද්‍රයා මාසය අවසානය සනිටුහන් කරයි..

 

      ශ්‍රී ලංකාවට 2020 ඔක්තෝම්බර් මාසය සදහා වූ නවසද උදාව🌑..

               මෙම මස 17 වෙනි  දින පෙරවරු 01.01 ට  පමණ යෙදීමට නියමිතව පවතිනු ඇත.…..


🖊️Information by Hasini pamodya

🖼️Graphics by Dumidu Sasanka


J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2020

#planetof_Education

Comments

Popular Posts