Saturn at opposition

 

Saturn at opposition කියන්නේ සෙනසුරු ග්‍රහයා හා සූර්යයා අතරට පෘථිවිය පැමිණෙන අවස්ථාවට. මේ විදිහට පෘථිවිය සූර්යයා හා සෙනසුරු ග්‍රහයා අතර මධ්‍යගත වීම එහෙමත් නැත්තන් saturn at opposition කියන සංසිද්ධිය වසරකට එක් වතාවක් පමනක් සිදු වෙන දෙයක්. 2020 වසරේ මෙම සංසිද්ධිය ජූලි මස 20 වන දින රාත්‍රියේ සිදුවේ.. 
මෙය සෙනසුරු ග්‍රහයා පෘථිවියට ආසන්නයෙන්ම ගමන් කරන අවස්ථාවයි. ඒ හේතුවෙන් එදිනට සෙනසුරු ග්‍රහයා මුලු රාත්‍රිය පුරාම එහි උපරිම දීප්තියකින් දැක ගත හැකිය. 
මෙය ජූලි 20 දින රාත්‍රී 7.08 සිට ජූලි 21 දින පාන්දර 05.23 දක්වා දැක ගත හැකිය. ජූලි 20 වන දින රාත්‍රී 07.08ට නැගෙනහිර ක්ෂිතිජයට අංශක 9ක් ආනතව නැගෙන මෙය මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි 17ක් ගෙවුනු පසු දකුනු ක්ෂිතිජයට අංශක 62ක් ආනත අහසේ ඉහළම ස්ථානයක ස්ථානගත වී ජූලි 21 දින පාන්දර 05.23 ට නිරිත දිග ක්ෂිතිජයට අංශක 10ක ආනතියකින් බැස යයි.
ඉතින් 2020 වසරේ සිදුවන සෙනසුරු හා සූර්යයා අතර පෘථිවිය මධ්‍යගත වීම නරඹන්නට අමතක කරන්න එපා..

©Malmi bandara

Graphic by: Dumindu sasanka 

 ~ J'pura Astronomy Club~

#STAY AT HOME#BE OBSERVENT #SPEND EFFECTIVELY
 

 J'pura Astronomy Club
💫More beyond💫
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
#usjAstro_2020
#planetof_Observation💫

Comments

Popular Posts