Penumbral lunar eclipse

11 Penumbral lunar eclipse

Lunar eclipse , එහෙමත් නැත්නම් චන්ද්‍රග්‍රහනයක් සිදු වෙන්න සූර්යයා, චන්ද්‍රයා සහ පෘථිවිය එකම සරල රේඛාවක තිබිය යුතුයි.ඒ වගේම තමයි ඒ අවස්ථාවෙදී පෘථිවිය මේ දෙකම අතර මැද තිතිබිය යුතුයි.එලෙසම සද පුරපසළොස්වක අවස්ථාවේ පැවැතිය යුතුයි.

   චන්ද්‍රග්‍රහනය සියළු පුරපසළොස්වක දිනයන්හිදී නිරීක්ෂණය කළ නොහැක.එයට හේතු වන්නේ චන්ද්‍රයාගේ සහ පෘථිවියේ  කක්ෂීය තල (orbital planes) ඡේදනය වන ලක්ෂ (lunar nodes) ආසන්නයේ පුරපසළොස්වක දිනය හට ගන්නා විටදී පමණක් චන්ද්‍රග්‍රහන හට ගැනීම හේතුවෙනි.
   
 සාමාන්‍යයෙන් චන්ද්‍රග්‍රහන ප්‍රධාන වර්ග තුනකට වර්ගීකරණය වේ.

    1.පූර්ණ චන්ද්‍රග්‍රහන
    2.අර්ධ චන්ද්‍රග්‍රහන
    3.උපඡායා චන්ද්‍රග්‍රහන
       
       මේ අතුරින් අද ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ උපඡායා චන්ද්‍රග්‍රහන
ය (Penumbral lunar eclipse ) පිළිබඳවයි.චන්ද්‍රග්‍රහන පිළිබඳව විශේෂඥයන්ට  අනුව සියළුම චන්ද්‍රග්‍රහන අතුරින් 35%ක් පමණ උපඡායා චන්ද්‍රග්‍රහන වේ.
මේ වසරේදී (2020) උපඡායා චන්ද්‍රග්‍රහන 4ක් සිදුවීමට නියමිතයි.ඒ ජනවාරි 10-11, ජුනි 5-6, ජුලි 4-5 සහ නොවැම්බර් 29-30 යන දිනයන්හිදී වේ.

 සරලවම කිව්වොත් මෙහිදී වෙන්නෙ පෘථිවියේ සෙවණැලේ උපඡායාව චන්ද්‍රයා මත වැටී එහි දීප්තිය අඩු වීමක්.  උපඡායාව (Penumbra) යනුවෙන් හදුන්වන්නේ සාමාන්‍ය සෙවණැල්ල (umbra) වටා ඇති කිරණ වර්ගයක්.මෙය සාමාන්‍යයෙන් ඉටිපන්දමක් තිරයකට ඇල්ලීමෙන් නිරීක්ෂණය කළ හැකියි.මේ නිසා මෙය නිරීක්ෂණය තරමක් අපහසු වන්නේ උපඡායාව සෙවණැල්ල තරම් අදුරු නොවන නිසා.මෙය බැලීමට අවශ්‍ය නම් හොදින් විමසිලිමත්ව නිරීක්ෂණය කළ යුතුයි.
  
 නමුත් මෙය පෘථිවියේ රාත්‍රී කලාපයේ පවතින ඕනෑම රටකට පැහැදිලි අහසක් පවතින අවස්ථාවකදී පියවි ඇසෙන් නිරීක්ෂණය කිරීමට හැකියි. තවදුරටත් හොදින් නිරීක්ෂණය කිරීමට අවශ්‍ය නම් දුරේක්ෂයක් භාවිතා කළ හැකියි. සම්පූර්ණ චන්ද්‍රග්‍රහනය නිරීක්ෂණය කළහොත් පමණක් මෙවන් උපඡායා චන්ද්‍රග්‍රහනයක් සිදු වූවා යැයි හදුනාගත හැක.එසේ වන්නේ මෙහි පෘථිවියේ උපඡායාව පූර්ණ ඡායාව තරම් අදුරු නොවන නිසා සද සම්පූර්ණයෙන් අදුරු නොවී දීප්තිය මදක් පමණක් අඩු වීම නිසා.

 අද අපි කතාකරන උපඡායා චන්ද්‍රග්‍රහනය ශ්‍රී ලංකා වේලාවෙන් ජූලි 5 වෙනිදා පෙරවරු  8.37 ට ආරම්භ වී  පෙරවරු 9.59 ට උපරිමයට ලගා වී පෙරවරු 11.22 ට අවසාන වීමට නියමිතයි. අවාසනාවන්තව මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව රාත්‍රී කලාපයේ නොපැවතීම නිසා ශ්‍රී ලංකාවට මෙම උපඡායා චන්ද්‍රග්‍රහනය නිරීක්ෂණය කළ නොහැකියි.
 කෙසේ වෙතත් පෘථිවියේ රාත්‍රී කලාපයේ පවතින දකුණු සහ බටහිර යුරෝපය, අප්‍රිකාවේ සහ උතුරු අමෙරිකාවේ විශාල ප්‍රදේශයකට, දකුණු අමෙරිකාව සහ පැසිෆික් කලාපයේ රටවල් සදහා මෙය හොදින් නිරීක්ෂණය කළ හැකියි.


Astroscopica💫
Voyage through the sea of space

PENUMBRAL LUNAR ECLIPSE

Written  by- Shalindri Perera
Grapics by- Niru Ruwanya 



 ~ J'pura Astronomy Club~

#STAY AT HOME#BE OBSERVER #SPEND EFFECTIVELY
 

 J'pura Astronomy Club
💫More beyond💫
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
#usjAstro_2020
#planetof_Observation💫


Comments

Popular Posts