Mercury at the Greatest Western Elogation







රෝමානුවන්ගේ මිථ්‍යාවන් හි සදහන් වේගවත්ම පණිවුඩකරු  වන "මර්කියුරිගේ"නමින් අරුත් ගැන් වූ ජල තාරකාවෙහි විශාලතම බටහිර දිගුව(Greatest western Elongation ) සැප්තැම්බර් මාසයේදී🌌..

                මිථ්‍යා කතා වලට අනුව රෝමානුවන්ගේ වේගවත්ම පණිවුඩකරු  වන මර්කියුරිගේ නාමයෙන් නම් කර ඇති බුධ ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම වඩාත් ආවාට සහිත සූර්යයා වටා ගමන් කරන වේගවත්ම ග්‍රහලෝකයයි..
    
     දිගුවක් ( Elongation ) යනු පෘථිවියෙන් නිරීක්ෂණය වන පරිදි සූර්යයා සහ ග්‍රහලෝකයක් හෝ වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක් අතර කෝණික වෙනස් වීමකි. දිගුවක් (Elongation ) මනිනු ලබන්නේ සූර්යයාගේ නැගෙනහිර දිශාවට හෝ බටහිර දිශාවටය.
          තාරකා විද්‍යාවට අනුව ග්‍රහලෝකයක විස්තාරණය යනු සූර්යයා හා ග්‍රහලෝකය අතර කෝණික වෙනස්වීම වන අතර පෘථිවිය යොමු  ලක්ෂය වේ. බුධ ග්‍රහයා සඳහා උපරිම දිගුවේ (නැගෙනහිර හෝ බටහිර ) කෝණය අංශක 18 සිට අංශක 28 අතර වේ.

    ග්‍රහලෝකයක විශාලතම දිගුව නිරීක්ෂණය වනුයේ සූර්යයා වටා ඇති කක්ෂීය මාවතේ මෙම ග්‍රහලෝකයේ පිහිටීම පෘතුවියට ස්පර්ශ වන විට දී ය. බුධ ග්‍රහයා සදහා මෙම විශාලතම දිගුවෙහි අගය අංශක 28 වන අතර මෙම අවස්ථාව බුධ ග්‍රහයා දැකීමට පහසු ම අවස්ථාව ලෙස සැලකේ.
        ග්‍රහලෝකයක විශාලතම දිගුව වරින් වර සිදුවන අතර විශාලතම නැගෙනහිර දිගුවකින් පසුව විශාලතම බටහිර දිගුවක් අනෙක් අතට සිදුවේ. එම කාල පරිච්ඡේදය රදාපවතින්නේ සූර්යයාගේ සිට පෙනෙන පරිදි පෘථිවියේ සහ පෘථිවියේ සාපේක්ෂ කෝණික  ප්‍රවේග මතය.
       මෙම කාල පරිච්ඡේදය සම්පූර්ණ කිරීමට ගතවන ග්‍රහලෝකයේ සමමුර්ත කාලපරිච්ඡේදයයි. 
ග්‍රහලෝකයක් සූර්යාට සමීපවත් ම එය තව දුරටත් වේගවත් වන අතර විශාලතම දිගුවේ දිනය හා වෙලාව නිශ්චිතව ම තීරණය කිරීම සඳහා කක්ෂීය යාන්ත්‍ර විද්‍යාව පිළිබද වඩාත් සංකීර්ණ විශ්ලේෂණය අවශ්‍ය වේ..
   නැගෙනහිර අහසේ බුධ ග්‍රහයා උදේ පාන්දරින් ඉතා පැහැදිලිව දර්ශනය වන අතර සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතර බුධග්‍රහයාට අභයන්තර කක්ෂයක් ඇත. පෘථිවියේ සිට නිරීක්ෂණය කිරීමට දුෂ්කර ග්‍රහලෝකයක් වන බැවින් එය සෑමවිටම සූර්යයාට  ආසන්නයේ පිහිටා ඇත. එය සෑම විටම සූර්යයාට  ආසන්නයේ පිහිටා ඇත්තේ අහස ආලෝකමත් වීමට පෙර හිරු උදාවට පෙර හෝ පහළ බටහිර අහසේ හිරුබැසයාමෙන් පසුව අහස තවදුරටත් දීප්තිමත් වන අවස්ථාවේදීය.
       සැප්තැම්බර් 12 වෙනි දා බුධ ග්‍රහයා එහි විශාලතම බටහිර දිගුව කරා ළගා වන අතර සැප්තැම්බර් 10 වෙනිදා සිට 16 වෙනිදා දක්වා බුධ ග්‍රහයාගේ උන්නතාංශය ටෝකියෝ සිට පෙනෙන පරිදි හිරු උදාවට මිනිත්තු 30 කට පෙර අංශක 10  ට වඩා ඉහළ  අගයක්  ගනී. මෙය සාපේක්ෂව සොයාගැනීම  
පහසුය. එසේ ම බුධ ග්‍රහයා එම අවස්ථාවේදී දීප්තිමත් වන අතරම එහි විශාලත්වය 0.1 සිට - 0.7 දක්වා ඍණ දෙසට විස්තාරණය වේ.

©Hasini pramodya

Graphic by: Dumindu sasanka

 ~ J'pura Astronomy Club~

#STAY AT HOME#BE OBSERVENT #SPEND EFFECTIVELY
 

 J'pura Astronomy Club
💫More beyond💫
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
#usjAstro_2020
#planetof_Observation💫

Comments

Popular Posts