සැබැවින්ම සඳෙහි ජලය පැවතියාද.? පාෂාණමය හෙලිදරව්වක්....

සැබැවින්ම සඳෙහි ජලය පැවතියාද.?
පාෂාණමය හෙලිදරව්වක්....

       අතීතයේ සිටම අභ්‍යවකාශ වස්තූන් පිළිබදව මානවයාගේ සිත තුළ පැවතියේ නොසන්සිදෙනා කුතුහලයකි.සඳට හිමි වන්නේ එ් අතරින් ඉතා ඉහළ ස්ථානයකි.අතීතයේ දේවත්වය අාරෝපණය කළ සඳ , තරණයට මිනිසා පෙළඹෙන්නේ මේ කුතුහලය සන්සිඳුවා ගැනීමට ඔවුන් සිදු කළ මහා කැප කිරීම් ව රාශියක අග්‍ර ප්‍රතිඵලයක් ලෙසටය.

       සඳ මතුපිට ජීවී වාසයට සුදුසුද යන්න වඩාත් හොඳින් පරීක්ෂණාත්මකව අත්හදා බැලීමට මෙම සඳ තරණය අනගි අවස්ථාවක් බවට විද්‍යාඥයින් විශ්වාස කළහ. එ් බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් කරමින් 1969 ජූලි මස 20 වන දින neil armstrong සඳ මතුපිට පෘථිවි වැසියෙකුගේ ප්‍රථම පියවර තැබීය.ඔහු පැවසූ ලෙසටම එය මානව වර්ගයාගේම මහා ඉදිරි පිම්මක් විය.එනම් "that's one small step for man, one gaint leap for mankind ."
         මෙලෙස සඳ තරණය විවිධ රටවල් විසින් වරින් වර සිදු කළ අතර ඔවුන් එම තරණයන්ගෙන් එක් රැස් කළ  පාෂාණ  අැසුරින් සඳ පිළිබඳව  පැවති කුතුහලයන් රාශියක් සංසිඳුවා ගැනීමට විද්‍යඥානයින්ට හැකි විය.සඳෙහි ජලය පවතීද යන්න එ් අතරින් පැවති විශාලම ගැටලුවකි.ගගනගාමින් රැගෙන අා පාෂාණ සියල්ලක්ම පාහේ අාග්නේය පාෂාණ විය.ඉන් අපට ගත හැකි සෘජු අදහස වනුයේ සඳ මත කිසිඳු දිනක ජලය ගලාගොස් නොමැති බවය.එලෙසටම සඳ පාෂාණ සියල්ලම ඉතා වියළිය.මුලුමනින්ම ජලයෙන් තොරය .
            සඳෙහි මුහුදු ප්‍රදේශයන්ගෙන් එක් රැස් කළ පාෂාණ ඝන හා අඳුරු ස්වාභාවයක් ගනීයි.මේවා යකඩ ,මැග්නීසියම්,ටයිටේනියම් වැනි බැර ලෝහ  වලින් නිර්මිතය.අඳුරු පැහැයට හේතුවද එයයි.අැතැම් සඳ පාෂාණ වල සිදුරු අැත.මේවා වාතය රැඳීමෙන් හටගත් එ්වා නොවන අතර සඳ මතුපිට  ලාවා ගලා ගොස් එ්වා ඝන වී තැනුනු පාෂාණ වේ.
              සඳෙහි උස් බිම් තැනී අැත්තේ කැල්සියම්, අැලුමිනියම්,ඔක්සිජන් බහුල ඛනිජ  වලිනි.මෙලෙස සඳ පෘෂ්ඨයේ පවතින පාෂාණ වසර බිලියන 4 ත් 4.5 ක් පමණ ඉපැරණිය.සඳ පාෂාණ රාශියක් නිර්මිත වන්නේ bresiya පාෂාණ වලිනි.මෙම පාෂාණ පැරණි චන්ද්‍ර පාෂාණ තාපයට හා පීඩනයට ලක්ව එකට ගුලි වී තැනී අැත.
             සඳ පාෂාණ ඉතා පැරණිය.මේවා අධ්‍යනයෙන් සඳහි අතීතය පිළිබඳව අවබෝධයක්  ලබා ගත හැකිය.එසේම මා පෙර සඳහන් කළ ලෙසට චන්ද්‍ර පාෂාණ බහුතරයක් අාග්නේය වේ.එබැවින් සඳ මතුපිට ජලය ගලා ගොස් අැති බවට තවමත් සාධක හමු වී නොමැත.ජීවයට අවශ්‍යම සාධකයක් වන ජලයට සඳ මතුපිට පැවැත්මක් නොමැති නම් චන්ද්‍ර ජනාවාසකරණය හුදෙක් සිහිනයක් පමණක්ම වේවිද..?

© E. D. සුපිපි සෙව්වන්දි.
Graphics by Deshan Rathnayake



විශ්වයේ දැනුම යහළුවන් සමඟ බෙදාගන්න ශෙයාර් කරන්න

J'pura Astronomy Club
💫More beyond💫
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
#usjAstro_2020
#planetof_Education



Comments

Popular Posts