විශ්වයටත් වඩා පැරණි තාරකාවක් තිබිය හැකිද?







සියලු ආකාශ වස්තූන්ගේ උපත ආරම්භ වන්නේ විශ්වයෙන් නම් විශ්වයට වඩා පැරණි වස්තුවක් තිබිය නොහැකියි. ඒත් විද්‍යාඥයින් විසින් සොයාගන්නා ලද එක්තරා තරුවක් විශ්වයට වඩා පැරණිය. කොහොමද එහෙම වෙන්නෙ? මේ ඒ පිළිබඳවයි. 


මහා පිපුරුම් න්‍යායට  අනුව ගත් කළ විශ්වයේ වයස අවුරුදු බිලියන 13.8 කි. එහෙත් ක්ෂිරපථ චක්‍රාවාටයේ තුලා තාරකා රාශියට අයත් මෙතුසෙලා හෙවත්  HD 140283  නම් දරන තාරකාවට වයස වසර බිලියන 16 කි. මෙය පළමුවරට සොයාගෙන ඇත්තේ ක්‍රි.ව 1912 දී තාරකා විද්‍යාඥ ඩබ්ලිව්. එස්. ඇඩම්ස් විසිනි. මෙය චක්‍රාවාටය වටා  පැයට කි.මී මිලියන 1.3 ක වේගයෙන් ගමන් කරයි. මේ වයස ගණනය කර ඇත්තේ එහි අඩංගු වන හයිඩ්‍රජන්  සහ හීලියම් ප්‍රතිශතය මූලික කරගෙනය. මෙහි අඩංගු හීලියම් ප්‍රතිශතය හයිඩ්‍රජන් ප්‍රතිශතයට වඩා ඉතා අවම අගයක් ගනියි. එමගින් සොයාගන්නා ලද වයස අවුරුදු බිලියන 16 කි.  කෙසේ වුව ද මෙම ක්‍රමවේදය එතරම්ම නිරවද්‍ය නොවන බැවින් නැවතත් හබල් දුරේක්ෂය ආධාරයෙන් ගත් දත්ත උපයෝගී කරගෙන මෙහි වයස අවුරුදු බිලියන 14.46 ක් ලෙස නිශ්චය කරගන්නා ලදී. එම දත්ත සඳහා පදනම් වන්නේ තාරකාවේ වූ ඔක්සිජන් අන්තර්ගතය යි.මන්ද යත් ආරම්භයේදී තාරකාවක් ඔක්සිජන් නොදැරුව ද කල්යත්ම එහි සංයුතිය තුළ ඔක්සිජන් සෑදෙන නිසයි. විශාල තාරකාවක් නම් යකඩ වැනි ලෝහ පවා නිර්මාණය වෙයි. සූර්යයා තුළ යකඩ අන්තර්ගත වීම මෙයට උදාහරණයකි.


   මේ වන විටද තක්සේරු කරගෙන ඇත්තේ  වසර බිලියන 14.46 ක් වන අතර මෙය නිවැරදිම වයස නම් එයින් අදහස් වන්නේ විශ්වය බිහි වූවා යැයි දැනට විශ්වාස කරන මහා පිපිරුම සිදු නොවූ බවයි. මෙයට අමතරව තවත් මතවාදයක් නම් වාමන චක්‍රාවාටයක් බිහිවී එය පසුව මහා පිපුරුමට පසු ක්ෂිරපථ චක්‍රාවාටය සමඟ එකතු වූ බවයි.නූතන තාරකා විද්‍යාත්මක දැනුම අනුව කියැවෙන්නේ තාරකා සියල්ලටම විශ්වයට වඩා අඩු වයසක් හිමි විය යුතු බවයි.වෙනත් තාරකා මෙන්ම මෙයද දිනක හයිඩ්‍රජන් අවසන්ව සුදු වාමනයෙකු ලෙස හැකිලීම හෝ සුපර්නෝවා පිපිරුමකට ලක්වනු ඇතත් මෙතුසලා තාරකාවේ වයස මගින් හැඟෙන්නේ අනාගතයේ සිදුවිය හැකි ආසාමාන්‍ය තාරකා විද්‍යාත්මක දියුණුවක අපූරු පෙර නිමිත්තක් නොවේද?


අරුණ ප්‍රසාද් හෙට්ටිආරච්චි


Comments

Popular Posts