අර්ධ සූර්‍යග්‍රහණය දැක ගන්න සූදානම් ද?

සාමාන්‍යයෙන් අපට වලයාකාර සූර්යග්‍රහන(Annular solar eclipse )  දකින්නට ලැබෙන්නේ අවුරුද්දකට එක වතාවක් නැත්නම් අවුරුද්දක් හැර අවුරුද්දක් වගේ කාලයකදී. ඉතින් මේ අවුරුද්දේ මේ වලයාකාර වළයාකාර සූර්යග්‍රහණය නිරීක්ෂණය කරන්න ලැබෙන්නේ ජූනි 21, නමුත් අපට මෙය නරඹන්නට වනුයේ අර්ධ සූර්යග්‍රහණයක් වශයෙන්. මෙය සම්පූර්ණ වශයෙන් දකින්නට ලැබෙන්නේ කොංගෝව, ඉතියෝපියාව , පාකිස්තානය , උතුරු ඉන්දියාව වැනි සීමිත කොටසකට පමණි.

වලයාකාර සූර්යග්‍රහණයක් ඇති වන්න වන කාරණා තුනක් සම්පූර්ණ විය යුතුයි.
1. පෘථිවිය හා සූර්යයා අතරට චන්ද්‍රයා පැමිණීත්, 
2. සූර්යා, චන්ද්‍රයා සහ පෘථිවිය සරල රේඛීයව (ආසන්න වශයෙන් සරල රේඛීයව ) පිහිටීමත්,
3. චන්ද්‍රයා පෘථිවියට පෘතුවියට උපරිම දුරකින් පිහිටීම. මෙම පෘථිවියට දුරින්ම පිහිටන ස්ථානය අපි හඳුන්වනවා ඇපොජි ( Apogee ) යන නමින්.
ඉහත කාරණා තුනම සම්පූර්ණ වන අවස්ථාවලදී පෘතුවිවාසීන්ට වලයාකාර සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කළ හැකියි.
සූර්යග්‍රහණ ඇති වන්නේ සඳේ සෙවනැල්ල පෘථිවියට වැටීම නිසා. නමුත් චන්ද්‍රයා කුඩා ග්‍රහ වස්තුවක්  නිසා එයින් සෑදෙන සෙවනැල්ලත්  සාපේක්ෂව කුඩායි. මේ හේතුව නිසාවෙන් පෘථිවියෙන් කොටසකට පමණක් පූර්ණ වශයෙන් සූර්යග්‍රහණ දක්නට ලැබෙන්නේ. 

ඒ වගේම ඇපොජි ( Apogee )  එකේ පිහිටන අවස්ථාවේ චන්ද්‍රයාට හැකි වන්නේ නෑ  සූර්යයා සම්පූර්ණයෙන් ආවරණය කරන්නට.
ඒ නිසා මේ අවස්ථාවේ චන්ද්‍රයා වටා සූර්යයා  ගිනි වළල්ලක් වගේ දර්ශනය වනවා, මේ මේ වගේ ගිනි වළල්ලක් ආකාරයෙන් සූර්යයා දර්ශනය වීම වලයාකාර සූර්යග්‍රහණයක් වශයෙන් හඳුන්වනවා.
නමුත් අපට මෙය දර්ශනය වන්නේ අර්ධ සූර්‍යග්‍රහණයක්  වශයෙන්, මෙම සුර්‍යග්‍රහණය ආරම්භ වන්නේ ජුනි 21 වෙනිදා උදේ 10.29 ට, එය උපරිම අවස්ථාවට අවස්ථාවට පැමිණෙනවා උදේ 11.51 ට ( මේ අවස්ථාව ග්‍රහණය  නැරඹීමට සුදුසුම අවස්ථාව ලෙස දක්වන්නට හැකියි ) ග්‍රහණය නිම වනවා නිමවෙනවා දහවල් 1.19 ට.

සූර්යග්‍රහණ නිරීක්ෂණයේදී සෑම විටම ආරක්ශිත ක්‍රමයක් භාවිතා කළ යුතුයි.
පියවි ඇසින් හෝ අනාරක්ෂිත ක්‍රම මගින් නිරීක්ෂණය සිදු කළහොත් සම්පූර්ණ අන්ධ භාවයට හෝ ඇසෙහි ස්ථිර  ආබාධ ඇතිවිය හැකියි.

මෙය තමයි අපට  මේ අවුරුද්දේ දක්නට ලැබෙන එකම සූර්යග්‍රහණය, ඒ නිසා  ආරක්ෂිත ක්‍රමයක් භාවිතයෙන් මෙම සූර්යග්‍රහණය නිරීක්ෂණය කරන මෙන් දැනුම් දෙනවා.

©️Adithya Vimukthi
Graphic by: Niru Ruwanya

J'pura Astronomy Club

#STAY AT HOME#BE OBSERVENT #SPEND EFFECTIVELY
 

 J'pura Astronomy Club
💫More beyond💫
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
#usjAstro_2020
#planetof_Observation💫

Comments

Popular Posts