අභිරහස් කළු නයිට්වරයා

අබිරහස් කළු නයිට්වරයා


කාලවකවානුව ක්‍රි.ව 1960 ය. ඇමෙරිකාවත් රුසියාවත් අතර සීතල යුද්ධය දරුණු ලෙසම පැවතුණි. අභ්‍යවකාශය ජයගැනීමේ අරගලය වඩාත් තිව්‍රර විය. මෙවන් වසරක ටයිම් සඟරාවේ පළවූ පුවතක සඳහන් වූයේ එක්සත් ජනපද නාවික හමුදාව විසින් පෘථිවි අහසට ඉහළින් අසාමාන්‍ය කක්ෂයක ගමන් ගන්නා අත්භූත පියාසර වස්තුවක් සොයාගත් බව ය.එමෙන්ම ක්‍රි.ව 1960 දී සැප්තැම්බර් මාසයේ දී මෙය ඇමෙරිකානු රේඩාර් තිර වල දිස් වීමත් සති දෙකක් පියවි ඇසින් දැකගැනීමට ලැබීමත් සමඟ ඒ ගැන පර්යේෂණ කිරීමට ඇමෙරිකාව මගින් කමිටුවක් පත් කර ඇත. එහෙත් එහි ප්‍රතිඵල වාර්තාවක් අද වනතුරුත් ප්‍රකාශයට පත් කර නැත.

නාසා හි නිල වෙබ් අඩවියේ දැකගතහැකි ඇපලෝ 10 සදගමනේ දී ගත් පෘථිවියේ ජායාරූපයක පසෙකින් අබිරහස් වස්තුවක් දැකිය හැකි අතර එය කුමක්දැයි පැහැදිළි කිරීමට නාසා ආයතනය අපොහොසත් වී ඇත.
එයින් ද පසු ඇපලෝ 17 අවසන් සදගමනේ දී ගගනගාමීන් විසින් පටිගතකළ වීඩියෝවක ද මෙවැන්නක් දර්ශණය වන අතර එය තවමත් කුමක්දැයි අවිනිශ්චිත ය. එයට නාසා ආයතනය ලබා දී ඇති පිළිතුර නම් මිනිසා විසින් මුදා හළ දැනට භාවිතයේ නොපවතින අක්‍රිය වස්තුවක් (Space debris) බවයි. 

ගගනගාමියෙකු වූ ගෝඩන් කූපර් ක්‍රි.ව 1963 දී තමා සිටි අභ්‍යවකාශ යානයට මෙය දර්ශණය වූ බව පවසා ඇත.නැවතත් ක්‍රි.ව 1998 දී එන්ඩෙවර් අභ්‍යවකාශ යානයට ද මෙය දර්ශණය වූ අතර අද වන තෙක් නාසා ආයතනය ප්‍රකාශ කර සිටින්නේ මෙය පොරෝනාවක් හෙවත් අභ්‍යවකාශ යානා වල විවිධ උපකරණ  වල තාප පාලනයට යොදාගන්නක්(Thermal cover) බවයි. එනම් මෙය අභ්‍යවකාශ අපද්‍රව්‍යයක් ලෙස  1998 දී ජාත්‍යන්තර අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ ගගනගාමයෙකු අතින් ගිලිහී යන්නට ඇති බවත් තව දුරටත් පැහැදිළි කරයි. එවිට පැන නගින එක් සරල ගැට‍ළුවක් නම් මේ ගැන පළමු වරට ඇමෙරිකානු ප්‍රාදේශීය පුවත්පතක් වන ශාන්ත ලුවිස් පුවත්පතේ මේ පිළිබදව පුවතක් ප‍ළවීමයි. ඒ මෙතෙක් පැවසු ඉතිහාසයටත් පෙර1954 දී ය. "පෘථිවිය වටා කෘතිම චන්ද්‍රිකා ගමන් කරයි" යනුවෙන් එම පුවත වාර්තා කර ඇත. එපමණක් නොව මෙය නැගෙනහිර සිට බටහිර දෙසට ප්‍රතිගාමී(Retrograde) කක්ෂයක ගමන්කරන බවත් දක්වා ඇත.වවත් එවැනි වාර්තා බොහොමයකි.එහෙත් එතරම් ඈත වකවානුවක අභ්‍යවකාශ සුන්බුන් බිහිවීම සිදුවිය නොහැකි තරම්ය.ඊට අමතරව එලෙස පොරෝනාවක් නිදහස් වී ඇතැයි පවසන්නේ 1998 දී ය.එනිසා අභ්‍යවකාශ සුන්බුන් ලෙස සැළකීම තරමක් දුරට හාස්‍යය දනවන ප්‍රකාශයකි.

එපමණක් ද නොව මෙහි ඉතිහාසය තවත් ඈතට දිවයන්නේ ක්‍රි.ව 1899 දී කොලරාඩෝ හි පිහිටි සුප්‍රකට විද්‍යාඥ නිකොලා ටෙස්ලා ට අයත්ව තිබූ ඔහුගේ පර්යේශණාගාරයට හසුවු  පැහැදිළි සෘජු රේඩියෝ තරංගයක් නිසයි. එය පෘථිවියට අයත් විය නොහැකි සහ සූර්යයා හෝ අවුරෝරා නිසා ඇති වූවක් නොවන බවත් ඔහු කොලියර් සඟරාවට ක්‍රි.ව 1901 දී ප්‍රකාශ කර තිබුණි.

එය එසේ වුවද විවිධ වාර්තා අනුව මෙය වසර 13000ක් සමහර විට ඊටත් වඩා පැරණි යැයි සමහරු සලකති. එය අතිශෝක්තියක් ලෙස සළකාබැහැර කළ ද මෙය වසර 50 ක් තරම් කෙටි කාලයක් පැරණි යැයි සැළකුව ද මෙවැන්නක් පැවතීම කුතුහලය දනවන්කනකි. එය අද වන විට මෙම අබිරහස් චන්ද්‍රිකාව තුළින් නිකුත් වූවක් ලෙස ද ස‍ළකයි. 
 
වර්තමානයේ දී මෙම අබිරහස් වස්තුවට බ්ලැක්නයිට් ලෙස ව්‍යවහාර වුවත් එම යෙදුම කෙසේ බිහිවූවා ද යන්නත් පැහැදිළි නැත.

බ්ලැක් නයිට් ගැන කතන්දරය කෙසේ වුව ද මේ වන විට මිනිසා විසින් කක්ෂගත කළ චන්ද්‍රිකා ප්‍රමාණය 8000 කට අධිකය. ඒවායින් 5000කට ආසන්න ප්‍රමාණයක් සක්‍රීයව පවතින අතර රාවණා 1 ද එයින් එකක් වීම ශ්‍රී ලාංකික අපට ආඩම්බර විය හැකි කරුණකි.

©අරුණ ප්‍රසාද් හෙට්ටිආරච්චි
Graphics by Deshan Rathnayake 

විශ්වයේ රසවත් රහස් යහළුවන් සමඟත් බෙදාගන්න share කරන්න.. 

J'pura Astronomy Club
💫More beyond💫
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
#usjAstro_2020
#planetof_Education



Comments

Popular Posts