විසල්ම නැගෙනහිර දිගුවට එළඹි බුධ



     තාරකා විද්‍යාවේදී ග්‍රහලෝකයක විස්තාරණය යනු, පෘථිවියේ සිට නිරීක්ෂණය කරන පරිදි සූර්යයා හා ග්‍රහලෝකයක් අතර සිදුවන කෝණික වෙනස්වීමකි. මෙම දිගටි මනිනු ලබන්නේ සූර්යයාගේ සිට නැගෙනහිර දෙසට හෝ බටහිර දෙසටයි. විශාලතම නැගෙනහිර දෙසට හෝ විශාලතම බටහිර දෙසට විස්තාරණය වීමේදී සූර්යයා හා ග්‍රහලෝකය අතර උපරිම කෝණයක් පවතී.

        බුධ ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ සිටින කුඩාම හා අභ්‍යන්තරයෙන් ම පිහිටන ග්‍රහලෝකය වන අතර සූර්යයා ට වඩාත් සමීපතම ග්‍රහලෝකය ද වේ. එහි කක්ෂය පෘථිවියට වඩා සූර්යයාට වඩාත් සමීපව පිහිටයි. එම නිසා සූර්යයාගේ විශාල දීප්තිය හේතුවෙන් බුධ ග්‍රහයා නිරීක්ෂණය කිරීම බොහෝ වේලාවල් වලදී දුෂ්කර කාර්යයක් වේ. නමුත් ඇතැම් අවස්ථා වලදී දෘශ්‍ය ආධාර නොමැතිව පවා බුධ ග්‍රහයා අහසේ පහසුවෙන් හඳුනාගත හැක. මෙම අවස්ථාව උදා වෙන්නේ ග්‍රහලෝකය සූර්යයාගේ විශාලතම වෙන්වීම කරා ළඟා වන විටයි. එනම් විශාලතම විස්තාරණය සිදු වන විටයි.

          බුධ ග්‍රහයාගේ මෙසේ සිදුවන විස්තාරණයන් සෑම මාස 3 - 4 කට වරක් සිදුවේ. බුධ ග්‍රහයා සූර්යයාට නැගෙනහිරින් හෝ බටහිරින් පිහිටා තිබේද යන්න මත පදනම් ව එය උදෑසන හෝ සන්ධ්‍යා අහසේ දිස් වේ. බුධ ග්‍රහයා එහි විශාලතම නැගෙනහිර දිගුව කරා ළඟා වූ විට එය දර්ශනය වන්නේ සන්ධ්‍යා කාලයේ සූර්යයා බැස ගිය පසුයි. බුධ ග්‍රහයා එහි විශාලතම බටහිර දිගුව කරා ළඟා වූ විට එය දර්ශනය වන්නේ උදෑසන කාලයේ සූර්යයා නැගී ඒමට පෙරයි.

එලඹෙන ජූනි 4 වන දා බුධ ග්‍රහයා එහි විශාලතම නැගෙනහිර දිගුව කරා ලගා වෙයි. මෙය සවස් කාලයේ බැස යන සුර්යයාගේ සිට 23.6° ක් නැගෙනහිර අහසේ ස්ථානගත වී මැග් 0.4ක දීප්තියකින් බබළයි.  සූර්යයා බැස ගිය පසු මෙය වඩාත් හොදින් නිරික්ෂණය කළ හැකිවේ.





-රචනය:පුල්මිනි මිලනිකා

Comments

Popular Posts