මන්දාකිණියේ වගතුග 04 : ක්ෂීරපථ මන්දාකිණිය
“හදවතින් තරුණ අපගේ මන්දාකිණිය”,
අද
කතා කරන්න යන්නේ අපගේ සූර්යයා ඇතුළු සෞරග්රහ මණ්ඩලය අයත්
වන ක්ෂිරපත මන්දාකිණිය ගැනයි.
අතීතයේ
ග්රීක ජාතිකයන් මෙය “ගැලේක්සියස් කික්ලෝස්’’ හෙවත් “ක්ෂිර කවය’’ලෙස නම් කරලා තියනවා. ඒ විදිහට තමයි
මන්දාකිණියක් හැදින්වීමට යොදා ගන්නා “ගැලෙක්සි’’ යන වචනයත් අපගේ
මන්දාකිණිය හැදින්වීමට යොදා ගන්නා “ක්ෂීරපතය’’ යන වචනයත් ලැබිලා
තියෙන්නේ.
සඳ
නොමැති දිනක, ඉතා අඳුරු ප්රදේශයක සිට
රාත්රී අහස නිරීක්ෂණය
කරොත්,අහස හරහා වැටී ඇති කිරි සුදු පාටින් දුබල ලෙස බබළන ක්ෂිරපතයේ මධ්යය ඔයාලට දැක
බලා ගන්න පුළුවන්.
ක්ෂීරපතයේ
දිදුලන මධ්යයේ පවතින්නේ මොනවාද?
ගැලීලියෝ
ගැලීලි නම් තාරකා විද්වතා විසින් ඔහුගේ නවතම දුරදක්නයෙන් නිරීක්ෂණය කරන තුරුම පැවති විශ්වාසය වූයේ එය අපැහැදිලි අන්තරීක්ෂ
වළාවක් බවයි.ඔහු තම දුරදක්නයෙන් නිරීක්ෂණය
කල විට දැක ගැනීමට හැකි වූයේ තරු බිලියන ගණනකින් සමන්විත දිදුලන මධ්යකි. අපගේ පියවි ඇසට වෙන් වෙන්ව හඳුනා ගැනීමට නොහැකි තරු විශාල ප්රමාණයක ආලෝකය
එකට එක් වීම නිසා එය
දිදුලන ගෝලයක් ලෙසට දැකිය හැකිය.නමුත් ගැලීලියෝ ගැලීලිගේ දුරදක්නයට වඩා දියුණු දුරදක්න භාවිත කරන වර්තමානයේ පවා නිවැරදිවම එහි පවතින්නේ මොනවාදැයි නිරීක්ෂණය කිරීමට අපහසු වී තිබේ. එයට
ප්රධානම හේතුව තමයි අන්තරීක්ෂ දූවිලි නිසා ආලෝක කිරණ වලට ඇති වන බලපෑම.
නමුත්
අධෝරක්ත ආලෝකයට මෙම අන්තරීක්ෂ දූවිලි හරහා ගමන් කිරීමට හැකියාව පවතී. ඒ අනුව, අධෝරක්ත
කිරණ සංවේදී දුරදක්න යොදා ගනිමින් මෙම අන්තරීක්ෂ දූවිලි නිරීක්ෂණය කිරීමට තාරකා විද්වතුන්ට හැකි වී තිබේ. ඒ
අනුව නව තරු පොකුරු,
තරු පිපුරුම් ඇතුළු නව ආකාශ වස්තු
රැසක් සොයා ගෙන තිබේ.
අපගේ
ක්ශීරපත මන්දාකිණිය, තාරකා බිලියන ගණනක් අඩංගු තීරු ආකාර සර්පිලාකාර චක්රාවාටයකි. නිමානයන්ට අනුව ක්ෂීරපතය ග්රහලෝක බිලියන
50 කින් පමණ සමන්විත වන අතර ඉන්
මිලියන 500 ක් පමණ පවතින්නේ සූර්යාගේ සිට වාසයට සුදුසු කලාපයක බව සොයා ගෙන
තිබේ. ක්ෂීරපතයේ ව්යූහයට අනුව
සමස්ත චක්රාවාටයට එක් භ්රමණයක් සඳහා
වර්ෂ මිලියන 15-20 ක පමණ කාලයක්
ගත වේ. අපගේ ක්ෂීරපතය අවුරුදු බිලියන 13.2 ක් පමණ වයස බව, එනම් ආසන්න වශයෙන් විශ්වය තරම්ම පරණ බව නිමානය කර
ඇත.
මීට
පෙර තාරකා විද්වතුන් විශ්වාස කලේ ක්ෂීරපතයේ මධ්යයේ පිහිටා ඇත්තේ පැරණි තාරකා බවයි. නමුත් නවතම සොයා ගැනීමෙන් හෙලි වී ඇත්තේ ක්ෂිරපත
මධ්යයේ ඉතා තරුණ තාරකා කණ්ඩායමක් එනම් අලුත් තාරකා ද බිහි වෙමින්
පවතින බවයි. ඒ අනුව අපගේ
මන්දාකිණියේ හදවත අප සිතුවාට වඩා
තරුණ බවකින් යුක්ත නොවන්නේ ද?
©️කාවින්ද්යා දිල්ශානි පතිරාජ
Graphic by : Pavith Madhura
J'pura Astronomy Club
💫More beyond💫
🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕
#japuraAstro
#usjAstro_2022
#planetof_Education💫
Comments
Post a Comment