TOTAL SOLAR ECLIPSE | පූර්ණ සූර්‍යග්‍රහණය


    සූර්යග්රහණය යනු ස්වාභාවික සංසිද්ධියක් වන අතර චන්ද්රයා එහි කක්ෂීය චලනයන් අතරතුර සූර්යයා සහ පෘථිවිය අතරට ඇතුළු වන විට දී  මෙය සිදු වේ. සූර්යග්රහණය අතරතුරදී චන්ද්රයා සූර්යයා සහ පෘථිවිය අතරට ඇතුළු වන අතර, යම් ප්රමාණයක හෝ සියලු සූර්යාලෝකයන් කෙටි කාලයක් සඳහා පෘථිවියට පැමිණීම වළක්වයි. මෙම අවස්ථාවේ දී, සඳෙහි සෙවනැල්ල පෘථිවිය මතට වැටේපූර්ණ සූර්යග්රහණය, අර්ධ සූර්යග්රහණය සහ වළයාකාර සූර්යග්රහණය වශයෙන් සූර්යග්රහණ ආකාර තුනකි.

    පූර්ණ සූර්යග්රහණය වඩාත් දුර්ලභ සූර්යග්රහණයයි. පූර්ණ සූර්යග්රහණයක දී සඳ සම්පූර්ණයෙන්ම හිරු එළිය ආවරණය කරමින් පෘථිවිය හා හිරු අතරට පැමිනීම සිදු වේපූර්ණ සූර්යග්රහණයක් සඳහා චන්ද්රයා පෘථිවියට ආසන්නව සූර්යයාට වඩා දුරින් සිටිය යුතුය. චන්ද්රයා පෘථිවියට සමීප වීම නිසා සූර්යයා අදෘශ්යමාන වන අතර හිරුගෙන් පැමිණෙන කිරණ සඳ විසින් අවහිර කරනු ලැබේ. පූර්ණ සූර්යග්රහණයෙන් චන්ද්රයාගේ සෙවනැල්ල පෘථිවියේ 16.000 km හා පළල 160 km සමඟ රේඛාවක් නිර්මාණය කරයි.

    පූර්ණ සූර්යග්රහණ පිලිබඳ සඳහන් කරන විට, ඔබ ඇන්ටාක්ටිකා මහද්වීපය තුල සිටින පුද්ගලයෙක්නම් මෙම වසරේ දෙසැම්බර් 4 සෙනසුරාදා දින උදෑසන 10.59 සිට සවස 3.07 දක්වා ඔබට පූර්ණ සූර්යග්රහණයක් නැරඹීමේ හැකියාව ඇත. සෑම පුද්ගලයෙකුටම මෙය දැක ගැනීමට හැකියාවක් නොමැති අතර මෙම සූර්යග්රහණය ශ්රී ලංකාවට දෘශ්යමාන නොවේ. එසේම ඔබට දකුණු අප්රිකානු මහද්වීපය තුල සිටිය හැකිනම් එහිද යම් යම් ප්රදේශවලට දිස්වන පූර්ණ සූර්යග්රහණය ඔබට දැක බලාගත හැකිය.

    ශ්රී ලාංකිකයින් ලෙස අපට 2022 ඔක්තෝබර් මස 25 වන දින අර්ධ සූර්යග්රහණයක් නැරඹීමේ හැකියාව ඇති අතර මේ වසරේ දෙසැම්බර් 4 දිනෙන් පසු මීලග පූර්ණ සූර්ග්රහණය සිදුවන්නෙ 2023 වසරේ අප්රේල් මස විසි වැනි දිනය.

 

© Chathura Dissanayake

Graphic by : Ashani Hasantha

 

 J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2021

#Planetof_Observation💫

Comments

Popular Posts