SUPER MOON | සුපිරි සඳ 🌕


 සාමාන්‍යයෙන් super moon එකක් එහෙමත් නැත්තන් සුපිරි සඳක් දකින්න ලැබෙන්නේ චන්ද්‍රයා පෘථිවි කක්ෂයේ ගමන් කරන විට පෘථිවියට ආසන්නයෙන්ම ගමන් කරන අවස්ථාවේ දීය. සුපිරි සඳ අවස්ථාවේදී  සඳ සාමාන්‍යය තත්ත්වට වඩා වැඩි විශාලත්වකින් මෙන්ම වැඩි දීප්තියකින් දිස්වේ. 2021 වසරේ දකින්න ලැබෙන පළමු සුපිරි සඳ මෙයයි. අප්‍රේල් මස 27 වන දින පෙ.ව. 9.01 ශ්‍රී ලංකාවට උපරිම ලෙස දිස්වන අවස්ථාවයි. මෙහි විශ්ව සම්මත වෙලාව පෙ.ව. 3.31 වේ. 


අප්‍රේල් 27 වන දින දිස් වෙන මේ සුපිරි සඳ pink super moon ලෙස හඳුන්වයි. Pink super moon ලෙස හැඳින්වූවත් සඳ රෝස පැහැය ගන්නේ නෑ. වසන්ත සමයේ ආරම්භයත් එක්කම මේ කාලෙට පිපෙන රෝස පාට මල් වර්ගයක් නිසයි ඒ නම ලැබිලා තියෙන්නේ.



Written by: Malmi Bandara

Graphic by: Dumidu Sasanka

 

 J'pura Astronomy Club

💫More beyond💫

🌕🌖🌗🌘🌑🌒🌓🌔🌕

#japuraAstro

#usjAstro_2021

#planetof_Observation💫

Comments

Popular Posts